බොරැල්ල බෝම්බ සිද්ධියේ වෛද්‍යවරයා රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

බොරැල්ල බෝම්බ සිද්ධියේ වෛද්‍යවරයා රිමාන්ඩ්

බොරැල්ල බෝම්බ සිද්ධියේ වෛද්‍යවරයා රිමාන්ඩ්

බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයට ජීව අත්බෝම්බයක් තැබීමේ සිදුවීමට අදාළව රැඳවුම් නියෝග මත රඳවා සිටි පිළියන්දල පදිංචි වෛද්‍යවරයා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද(14) නියෝග කළාය.

 

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මෙම සිද්ධියේ තෙවැනි සැකකාර පිළියන්දල පදිංචි ෂර්ලි දයානන්ද හේරත් නමැති වෛද්‍යවරයායි.

 

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද(14) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන් නොමැති බවද මෙහිදී  කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේය.

views

666 Views

Comments

arrow-up