මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට දැඩි කොරෝනා අවදානමක් - උපදේශන සේවා සැපයීමට දුරකතන අංක
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට දැඩි කොරෝනා අවදානමක් - උපදේශන සේවා සැපයීමට දුරකතන අංක

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට දැඩි කොරෝනා අවදානමක් - උපදේශන සේවා සැපයීමට දුරකතන අංක

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් මාර්ගික උපදේශන සේවාවක් ආරම්භ කර තිබෙනවා. ඒ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින්ට සහ ඔවුන්ගේ සමීපතමයින්ට අවශ්‍ය උපදේශන සේවා සැපයීම සඳහායි.

 

වර්තමානයේ රට තුළ උද්ගතව ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය සමග මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් වඩාත් අවදානම් කණ්ඩායමක් බවට පත්ව ඇති අතර ප්‍රතිකාර හා උපදේශන සේවාවන්ට ප්‍රවේශවීමේදී ඔවුන්ට විවිධ ගැටළුවලට මුහුණපෑමට සිදුවන බව හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව එම උපදේශන සේවාවන් ලබා ගැනීමට 1927 අංකය ඇමතීමට එවැනි පුද්ගලයින්ට හැකියි.

 

පැය 24 පුරා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම උපදේශන සේවාව ක්‍රියාත්මක බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

 

views

647 Views

Comments

arrow-up