ජෛව බුබුල පීඩාකාරීයි - කැරිබියන් දැවැන්තයා අයි.පී.එල් හැර යයි

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අයි.පී.එල් දෙවැනි අදියරේ ඉදිරි තරඟ වලින් කොදෙව් සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් ඉවත් වී ඇත.
ගේල්ගේ ඉවත් විම ඔහු නියෝජනය කල පංජාබ් කිංග්ස් කණ්ඩායම නිළවශයෙන් දැනුම් දී අැත.
ජෛව බුබුලෙහි විඩාකාරී බව හේතුවෙන් ගේල් මෙම තීරණයට එළඹ ඇති බව සදහන්ය.
කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව බුබුලෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව බුබුලට එක් වූ ක්‍රිස් ගේල් සදහන් කොට ඇත්තේ ලෝක කුසලාන තරගාවලියට පෙර මානසික වශයෙන් ප්‍රබෝධයක් ලබාගැනීමට මෙම තීරණය ගත් බවයි.
967 Views
Comments