බීමතින් ආ බේබදු පුතා මවගේ හිස කඳෙන් වෙන්කර පලායයි

අධික බීමතින් පෙරේදා(10) සවස නිවසකට කඩාවැදුණු පුද්ගලයෙකු සිය මවගේ හිස කඳෙන් වෙන් වනසේ කපා ඇය ඝාතනය කර ඇත.
මව ඝාතනය කළ චෙන්කලඩි කුමාර්වේලි ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි චන්ද්‍රන් නමැත්තා එරාවුර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව තිබෙන්නේ චෙන්කලඩි පදිංචිකාරියක වූ 65 හැවිරිදි වේලූපිල්ලේ කෙම්මනී නමැති කාන්තාවකි.
සැකකරු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ අයෙකු වන අතර දිනපතාම පාහේ අධික බීමතින් පැමිණ තම මව සමඟ ආරවුල් ඇතිකර ගන්නා බව පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණයවී ඇත.
ඝාතනය වූ දින සවස ද මෙම සැකකාර පුත‍්‍රයා අධික ලෙස බීමතින් පැමිණ සිය මව සමඟ ආරවුලක් ඇතිකරගෙන නිවසේ තිබූ මන්නා පිහියකින් මවගේ හිස කඳෙන් වෙන් වන සේ කපා ඇයව ඝාතනය කර පළා ගොස් තිබුණි.
සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ එරාවුර් පොලිසිය සැකකරු සමඟ තම මව ඝාතනයට යොදාගත් මන්නා පිහියද අත්අඩංගුවට ගන්නා ලදී.
1261 Views
Comments