කොරෝනා අස්සේ වේගයෙන් පැතිර යන දිලීර රෝගයක් - රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහලක් වෙත යොමු වෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

කොරෝනා අස්සේ වේගයෙන් පැතිර යන දිලීර රෝගයක් - රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහලක් වෙත යොමු වෙන්න

කොරෝනා අස්සේ වේගයෙන් පැතිර යන දිලීර රෝගයක් - රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහලක් වෙත යොමු වෙන්න

ටීනියා නමින් හඳුන්වන වේගයෙන් පැතිර යන දිලීර රෝගයක් කොවිඩ් වසංගතය පවතින කාලයේම පැතිර යාම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමක් ඊයේ(04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැත්විණ.

 

මෙම රෝග ලක්ෂණ ඔබට හෝ ඔබගේ පවුලේ අයෙකුට වැළඳි ඇත්නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහලේ චර්ම රෝග සායනය වෙත පැමිණෙන්න ලෙස චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි.

 

ටීනීයා රෝගය පුස් වර්ගයක් වන අතර සම මතුපිට කැසීමක් මඟින් මෙම රෝගය ඉස්මතු වේ. මෙය කළවා, කිහිළි හා ශරිරයේ දාඩිය ඉතිරි වන ස්ථානවලදි වැඩිපුර පැතිරේ. ශරිරයේ ප්‍රතිශක්තිකරණය අඩු අය සහ කුඩා දරුවන් මෙම රෝගයෙන් ප්‍රවේශම්විය යුතු අතර මේ වන විට මෙම රෝග ප්‍රභේදය වෙනස් වි ඇතැයි රිජ්වේ ළමා රෝගලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර පැවසුවාය.

 

මෙය කුඩා දරුවන් අතර පැතිර ගිය රෝගයක් බවත් මේ වන එය වැඩිහිටියන්ට සම්ප්‍රේෂණය වීමේ අවධානමක් ඇතැයිද කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට පැවසුවේය.


පෞද්ගලික පිරිසිදුතාවය හා සම වියළිව තබා ගැනීමෙන් සහ නිසි ලෙස වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් මෙම රෝගය වළක්වා ගත හැකි බව විශේෂ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

views

1066 Views

Comments

arrow-up