ගෝලිය උණුසුම වැඩිවීම ශ්‍රී ලංකාවටත් ප්‍රශ්නයක් - විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

ගෝලිය උණුසුම ඉහළයාම නිසා ඇතිවිය හැකි පාරිසරික හානි හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට බලපෑම් එල්ලවීම ඉහළ මට්ටමක පවතින බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
කෙසේවුවත් දේශගුණික විපර්යාස වළක්වාගැනීම සඳහා ශ්‍රී ලංකාව මේවන විට පියවර රැසක් ගෙන ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
ගෝලීය උණුසුම ඉහළයාමෙන් ඇතිවිය හැකි පාරිසරික හානිවලින් වැඩි බලපෑමක් දූපත් රාජ්‍යයන්ට සිදුවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුව වාර්තාවකින් පෙන්වාදී තිබුණි.
748 Views
Comments