කොරෝනා ආසාදිත රැඳෙවියන්ට දීමට ගෙනා දුම්කොල සමඟ සැරයන්වරයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

කොරෝනා ආසාදිත රැඳෙවියන්ට දීමට ගෙනා දුම්කොල සමඟ සැරයන්වරයෙක් අත්අඩංගුවට

කොරෝනා ආසාදිත රැඳෙවියන්ට දීමට ගෙනා දුම්කොල සමඟ සැරයන්වරයෙක් අත්අඩංගුවට

වටරැක එළිමහන් සිර කඳවුරේ නව අංශයේ රඳවා සිටින කොවිඩ් ආසාදිත රෝගීන්ට ලබාදීම සඳහා රැගෙන විත් තිබූ දුම්කොළ 25ක් සහ ලයිටර් 11ක් සමඟ එහි සේවය කරන බන්ධනාගාර සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

කඳවුරේ අධිකාරීවරයාට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් යොදවා මොහු පැමිණි යතුරුපැදිය හදිසි පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහි අසුන යට බහාලු‍මක සඟවා තිබූ මෙම ද්‍රව්‍ය සොයා ගැනුණි.

 

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ අත්අඩංගුවට ගත් එම බන්ධනාගාර සැරයන්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවරගත් බවයි.

views

709 Views

Comments

arrow-up