JAN
23
මරණ දණ්ඩනය නියමවූ සිරකරුවෙක් උසස් පෙළ ලියයි

මරණීය දණ්ඩනය හිමිවී ඇති සිරකරුවෙක් මෙවර අපොස උසස් පෙළ විභාගය ලියන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එම සිරකරු බන්ධන්ගාරගත කර සිටින කාලය තුළ "අනුශය ආසව" නමින් නවකතාවක්ද ලියා තිබුණි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඔහුද සමගින් වැලිකඩ බන්ධනාගාරයේ සිටින පුද්ගලයින් සිව් දෙනෙක් 2022/23 අපොස උසස් පෙළ විභාගය ලියන බවය.
ඔවුන් වැලිකඩ නව මැගසින් විභාග මධ්‍යස්ථානයේ දී විභාගය ලියයි.
එසේම යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙක්ද මෙවර අපොස උසස් පෙළ විභාගය ලියයි.
236 Views
Comments