ඕස්ට්‍රේලියාවට යන්න අලුත් ක්‍රමයක්! ස්ථිර පදිංචියටත් අවස්ථාව!.
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
18

ඕස්ට්‍රේලියාවට යන්න අලුත් ක්‍රමයක්! ස්ථිර පදිංචියටත් අවස්ථාව!.

ඕස්ට්‍රේලියාවට යන්න අලුත් ක්‍රමයක්! ස්ථිර පදිංචියටත් අවස්ථාව!.

නව වීසා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

 

එය හරහා එරට ස්ථිර පදිංචිය ලබා ගැනීමේ හැකියාව පවතින බව සඳහන්.

 

මෙලෙස හඳුන්වා දෙන්නේ කෘෂි කාර්මික වීසා බලපත්‍රයක් බව යි පැවසෙන්නේ.

 

ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ඔස්ට්‍රේලියාවේ කෘෂි, ධීවර සහ වන ක්ෂේත්‍රයන්හි ශ්‍රමිකයින්ගේ හිඟ බවක් හටගෙන තිබෙනවා.

 

නව වීසා ක්‍රමය මගින් එම හිඟය මගහරවා ගැනීමයි ඔස්ට්‍රේලියානු රජයේ අරමුණ වී ඇත්තේ.

 

මෙහි කෝටාවේ සීමාවක් නොමැති බවත්, මේ හරහා එරට ස්ථීර පදිංචිය ලබා ගැනීමට හැකිවන බවත්, ඔස්ට්‍රේලියානු ප්‍රාදේශීය ප්‍රදේශවල පදිංචි වීමට හැකිවන බවත් පැවසෙනවා.

 

පුවත් වාර්තා පෙන්නා දෙන්නේ මෙම කෘෂි වීසා බලපත්‍රය පැසිෆික් සහ අග්නිදිග ආසියානු රටවල්වල ශ්‍රමිකයින් වෙත හඳුන්වා දීමට මීට පෙර තීරණය කර තිබුණත්, වර්තමාන තත්ත්වය හමුවේ එය ලබා දෙන රටවල් පිළිබඳ ඔස්ට්‍රේලියානු රජය තවමත් නිෂ්චිතව ප්‍රකාශ කර නොමැති බව යි.

 

කෙසේ වෙතත් මෙම ක්‍රමවේදය එරට ගොවි බිම්වල අස්වනු නෙළීමට පෙර ආරම්භ කෙරෙන බව යි වාර්තා වන්නේ.

 

මෙම වැඩසටහනත් සමග ඔස්ට්‍රේලියාව තුළට විදෙස් රටවල්වලින් ආ ශ්‍රමිකයින් ගණන දෙගුණයක්වනු ඇති බව ද එරට රජය උපකල්පනය කරනවා.

views

901 Views

Comments

arrow-up