එළඹෙන ඉරිදා සිට "සීතාවක ඔඩිසි"  ගමනේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

එළඹෙන ඉරිදා සිට "සීතාවක ඔඩිසි"  ගමනේ

එළඹෙන ඉරිදා සිට  "සීතාවක ඔඩිසි"  ගමනේ

මේ මස 26 වැනිදා සිට සෑම ඉරිදා දිනකම කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ‘සීතාවක ඔඩිසි’ සුඛෝපභෝගි සති අන්ත දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා සදහන් කරයි.

 

එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.15 ට පිටත්ව අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයට පෙරවරු 9.35 ට ළඟාවීමට නියමිත අතර අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය පස්වරු 5.25 ට පිටත්ව රාත්‍රී 8.03 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වන බව ඔහු සඳහන් කරයි.

views

245 Views

Comments

arrow-up