පෙම්වතියව අවසන් ගමන් යැවූ පෙම්වතා පොලිස් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

පෙම්වතියව අවසන් ගමන් යැවූ පෙම්වතා පොලිස් අත්අඩංගුවට

පෙම්වතියව අවසන් ගමන් යැවූ පෙම්වතා පොලිස් අත්අඩංගුවට

පෙම්වතියගේ  හිසට කළු ගලකින් පහරදී ඝාතනය කළ සැකකාර පෙම්වතා අද (30) අත්අඩංගුවට ගත්බව පයාගල පොලීසිය පවසයි.

 

පහරදීමෙන් මියගොස් ඇත්තේ පයාගල, පහළගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියකි.

 

එම යුවළ ඊයේ (29) රාත්‍රියේ පයාගල දියළගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරළේ කතාබස් කරමින් සිට දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසු පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට ගලකින් පහරදී ඇති බවට සැකකරුගේ ප්‍රකාශවලින් අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

 

එමෙන්ම සිද්ධිය වූ ස්ථානයේ තිබී හිසට පහර දුන්නා යැයි සැලකෙන කුඩා ප්‍රමාණය කළු ගලක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

 

වැඩිදුර සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම තරුණ යුවළ කාලයක් පුරා මෙම සබඳතාව හේතුවෙන් නිරන්තරයෙන් ආරවුල් ඇති කරගෙන ඇති බවය.

 

පහර දීමෙන් අනතුරුව සැකකරු මිතුරෙකුට කතා කර, පෙම්වතියව 1990 සුවසැරිය ගෙන්වා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මියගොස් ඇති බවත් සඳහන් වේ.

 

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ පයාගල පොලීසිය අපරාධ අංශ භාර නිලධාරීන්  පරීක්ෂණ සිදුකරයි.

 

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 18 හැවිරිදි පයාගල, මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

views

179 Views

Comments

arrow-up