කැලණිය සරසවියේ නේවාසිකාගාරයක සිව්වැනි මහලින් වැටී තරුණයෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

කැලණිය සරසවියේ නේවාසිකාගාරයක සිව්වැනි මහලින් වැටී තරුණයෙක් ජීවිතක්‍ෂයට

කැලණිය සරසවියේ නේවාසිකාගාරයක සිව්වැනි මහලින් වැටී තරුණයෙක් ජීවිතක්‍ෂයට

කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක සිව්වැනි මහලින් ඊයේ (23) අලුයම සිසුවකු ඇදවැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි කැලණිය පොලිසිය පවසයි.

 

බිමට වැටුණු සිසුවා ඒ මොහොතේම නේවාසිකාගාරයේ සිටි සහෝදර සිසුන් විසින් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති 24 හැවිරිදි සිසුවෙකි. ඔහු මහියංගනය, රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචි අයකි.

 

මෙම සිසුවා විශ්වවිද්‍යාලයේ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමර අංක 416 සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

 

මියගිය සිසුවා ඇතුළු සිසුන් රාත්‍රියේ උපන්දින සාදයක් පවත්වා ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි. පසුව රාත්‍රි ඇඳේ නිදාගෙන සිට ඇති මම සිසුවා නින්දෙන් අවදිව මුත්‍රා කිරීමට යෑමේදී එම නේවාසිකාගාර කාමරයේ ජනේලයෙන් ඇදවැටී මියයන්නට ඇතැයි සැකකරන බව ද පොලිසිය පවසයි.

 

ඔහු බිමට ඇදගෙන වැටෙන ශබ්දය තමන්ට ඇසුණු බවත්, පසුව පහළට ගොස් බැලීමේදී ඔහු ලේ ගලන තුවාල සහිතව බිම වැටී සිටි බවත් නේවාසිකාගාරයේ සිසුන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

 

මියගිය සිසුවාගේ දේහය කිරිබත්ගොඩ රෝහලින් රාගම ශික්ෂණ රෝහලට රැගෙන යෑමට නියමිතව ඇති බවත්, මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට රාගම රෝහලට රැගෙන යන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 

කැලණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.කේ. දේවප්‍රිය මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

views

187 Views

Comments

arrow-up