“මුදල් ඇමති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට මා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුයි” - රනිල් වික්‍රමසිංහ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

“මුදල් ඇමති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට මා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුයි” - රනිල් වික්‍රමසිංහ

“මුදල් ඇමති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට මා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුයි” - රනිල් වික්‍රමසිංහ

මුදල් ඇමති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 


තමා ජනපතිවරණය ජයග්‍රහණය කළා නම් ලබන ජනවාරියේ සිට අදාළ වැටුප් වැඩි වීම ලබා දීමට සැලසුම් කර තිබූ බව කී හිටපු ජනාධිපතිවරයා අදාල පඩි වැඩිවීම දෙන්නට බැරි නම් ඊට වෙන් කෙරුණු මුදල් කොහිදැයි ආණ්ඩුව වහා හෙළි කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය.

 


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් සමඟ අද (23)පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
කොළඹ මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

 


අප රජය විසින් රාජ්‍ය සේවක වේතන වැඩි කිරීමේ නීත්‍යානුකූල භාවය ගැන මා කරුණු පැහැදිලි කරන්නට මා සිතුවා.රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම සඳහා අප ගනු ලැබූ කැබිනට් තීරණය ගැන පැහැදිලි කරනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 43 වගන්තිය යටතේ එම කාර්ය කර තිබෙනවා. අප එම වේතන වැඩිවීම සිදු කළේ සියලු‍ රාජ්‍ය සේවකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි.

 


එම වේතන වැඩි කිරීමේ ඉල්ලීම සාධාරණයි. 2022 වසර වන විට ජනතාවගේ වේතන වල වටිනාකම සියයට පනහකින් අඩු වුණා. ඔවුන් ජිවත් වුණේ අමාරුවෙන්.ඔවුන්ට ණය වෙන්නට සිදු වුණා.සමහර අයට දේපොළ විකුනන්නට සිදුවුණා.මා පාලනය බාර ගත් මුල් යුගයේදී ඔවුන්ට සහනයක් දෙන්නට හැකියාවක් තිබුණේ නැහැ. මා එය රටට ප්‍රකාශ කළා. සමහරු විසි දහසකින් පඩි වැඩි වැඩි කරන ලෙස ඉල්ලා සිටියා.

 


2024 වසරේදී මා රුපියල් දස දහසකින් වේතන වැඩි කළා.නමුත් එම රුපියල් දසදහස ප්‍රමාණවත් නැහැ. මුදලේ වටිනාකම සියයට පනහකින් අඩු වූ විට ජනතාවට ප්‍රශ්න ඇති වෙනවා.සමහර දරුවන් උදෑසන කෑම නොගෙන පාසල් පැමිණි අවස්ථා තිබෙනවා.බොහෝ පවුල් වල දරුවන් ටියුෂන් පන්ති යෑම නතර කළා. හොඳ හෝ නරක හෝ අද ටියුෂන් පන්ති අවශ්‍යයි. මෙම සමාජ පද්ධතීන් කඩා වැටෙනවට මා කැමති වුණේ නැහැ. ඒ අනුව රාජ්‍ය සේවක පඩි වැඩිවීම සම්බන්ධයෙන් සොයා බැලීමට මා උදය සෙනෙවිරත්න කමිටුව පත් කළා. ඔවුන්ට තීරණයක් ගැනීමට මාස තුනක කාලයක් ලබා දුන්නා. නමුත් කමිටුව ඊට පෙර වාර්තාව ලබා දුන්නා. මා කමිටු සභාපති උදය සෙනෙවිරත්න මහතාගෙන් ඒ පිළිබඳව විමසුවා.මෙය විශාල ප්‍රශ්නයක් බැවින් ඊට උපකාර කළ යුතු බව ඔහුත් සඳහන් කළා.

 


අදාළ වේතන වැඩි කිරීම සඳහා කොපමණ මුදලක් වැයවෙනවා දැයි මා විමසුවා.ඔහු කියූ මුදල ලබාදෙන්නට හැකියාව තිබේදැයි මා භාණ්ඩාගාර ලේකම්ගෙන් විමසූ විට ඔහු පැවසූයේ එතරම් මුදලක් ලබාදීමට නොහැකි බවයි.අපගේ අයවැයට මෙතරම් මුදලක් දරාගන්නට නොහැකි වනු ඇතැයි ද භාණ්ඩාගාර ලේකම්වරයා දැනුම් දුන්නා. ඒ කාරණය උදය සෙනෙවිරත්න මහතාට දැනුම් දෙන ලෙස මා පැවසුවා. එමෙන්ම ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡා කොට අදාල පඩි වැඩිවීම කරන්නේ කෙසේදැයි සොයා බලන ලෙසත් මා පැවසුවා.

 


ඒ පිළිබඳව සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණ තිබෙන බවත් පඩි වැඩි වීම එකවර නොදී එක වසරකදී සියයට පනහක් ලබාදී අනෙක් වසරේදී ඉතිරි පනහ ද ලබාදීමට හැකියාව තිබෙන බවත් පසුව ඔවුන් මට දැනුම් දුන්නා.

 


ඒ අවස්ථාවේදී මා මගේ ලේකම්ව සිටි සමන් ඒකනායක සමග පළමුවෙන් සාකච්ඡා කළා.එමෙන්ම මගේ ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග සමගත් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සමගත් මා සාකච්ඡා කළා. අවසානයේදී අප මෙලෙස පඩි වැඩීම ලබාදීමට එකඟතාවයට පැමිණියා.

 


අපි එකඟ වූ අයුරින් පඩි වැඩි වීම කළත් මුදලේ වටිනාකම අඩු වීමේ අවාසිය පියවීමට හැකියාව ලැබෙන්නේ නැහැ.නමුත් මේ තීරණය නිසා යම් සැලකිය යුතු පමණකට අස්වැසිල්ලක් ලැබෙන බව අප දැනගෙන සිටියා.

 


ඒ අනුව රාජ්‍ය සේවක වේතන වැඩි කිරීමේ කැබිනට් පත්‍රිකාව මා ඉදිරිපත් කළා. එම කැබිනට් පත්‍රිකාවට මා අත්සන් කර තිබෙන්නේ ජනාධිපතිවරයා හැටියටයි.ඒ අනුව මෙම තීරණයට භාණ්ඩාගාරයේ අදහස් වුවමනා වන්නේ නැහැ.කැබිනට් මණ්ඩලයට ඕනෑම තීරණයක් ගන්න පුළුවන්.අප දැන් සාමාන්‍යයෙන් ක්‍රියා කරන්නේ එක්සත් රාජධානියේ කැබිනට් අත්පොත අනුවයි.

 


සාමූහික තීරණය කුමක්ද යන්න සාරාංශ කිරීම අමාත්‍ය මණ්ඩලයේ සභාපතිවරයාට පැවරෙන අතර එය අමාත්‍ය මණ්ඩලයේ ලේකම් කාර්යාලය විසින් සටහන් වලින් නියම කර ඇත යනුවෙන් එහි සඳහන්ව තිබෙනවා.

 


ඒ කියන්නේ අප යම් තීරණයක් ගැනීමට ඡන්ද විමසන්නේ නැහැ.කැබිනට් මණ්ඩලයේ සභාපතිවරයා විසින් තීරණය ප්‍රකාශයට පත් කරනු ලබනවා.එය 4:3 වගන්තියෙහි සඳහන්ව තිබෙනවා.

 


එම තීරණය අප වාර්තා කර තිබෙනවා.
4:7 වගන්තියෙහි තිබෙන්නේ සාමූහික තීරණ ගැනීමේ නිශ්චිත විධිවිධාන තීරණය කිරීම වත්මන් රජය සතු කාර්යයකි, යනුවෙනි.

views

181 Views

Comments

arrow-up