වෙඩි තබා බල්ලෙකු මැරූ බව කියන විශ්‍රාමික පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට

වෙසක් පුන් පොහෝ දා මීගමුව පෙරියමුල්ල ශාන්ත අන්තෝනි පාරේ නිවසක සුරතලට ඇති කරන බල්ලෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික පොලිස් අධිකාරී වරයෙක් මීගමුව පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
බල්ලාගේ හිමිකරු නිවසේ ගේට්ටුව ඇරීමෙන් පසු බල්ලා එළියට ගොස් ඇති අතර විනාඩි 5 ක් පමණ ගත වෙද්දී වෙඩි සද්දයක් ඇසීමත් සමගම සොයා බැලීමේදී ලේ ගලන තුවාල සහිතව නිවස ඉදිරිපිටට දුවගෙන ආ බල්ලා ඇද වැටී මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි .
බල්ලාට වෙඩි ප්‍රහාරය එල්ල වන අයුරු අසළ නිවසක සී.සී.ටීවී කැමරාවක සටහන් වී ඇතැයි මීගමුව පොලිසිය කියයි .
විශ්‍රාමික පොලිස් අධිකාරී වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
852 Views
Comments