රුපියල් 5000 ලබා දීමේ වැඩ පිළිවෙළ සම්පූර්ණයෙන් අසාර්ථකයි – SF

රජයේ රුපියල් 5000 ලබා දීමේ වැඩ පිළිවෙළ සම්පූර්ණයෙන් අසාර්ථක බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ජනතාව තම සෞඛ්‍ය, ආරක්ෂාව පවා අවධානමට ලක්කරමින් සමහර ස්ථාන වලට ගොස් රුපියල් 5000 ලබා ගැනීමට පොරකන බවත් එසේ වුවත් එය ලබාගැනීමට නොහැකි වී ඇති බව ඒ මහතා සඳහන් කරයි.
ප්‍රාදේශීය දේශපාලඥයින්ට එය මෙහෙයවන්නට ඉඩ ලබා දීම මඟින් එම මුදල් වංචා කිරීමට පටන් ගෙන ඇති බව ඒ මහතා චෝදනා කරයි.
විවිධ රටවල් වලින් ආධාර ලෙස මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 02ක් පමණ ලැබී ඇති බවත් එය ලංකා මුදලින් බිලියන 400ක පමණ අගයක් බවත් ලංකාවේ සමස්ථ පවුල් ලක්ෂ 65න පවුල් ලක්ෂ 40ක් ආධාර ලැබිය යුතු පවුල් ලෙස සැලකුවහොත් ඒ පවුල් සඳහා රුපියල් 10,000 බැගින් මාස 10ක කාලයක් වුවත් දීමට මෙම මුදල ප්‍රමාණවත් බව ඒ මහතා පැවසීය.
මේ දිනවල ආර්ථික ව්‍යාපෘති හෝ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක නොවන මේ සම්බන්ධයෙන් මූලිකත්වය ලබාදිය හැකි බව පවසන ඒ මහතා සඳහන් කරන්නේ නැවත වතාවක් මුදල් වංචා කිරීමට අරඹා ඇති බවයි.
චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් නැවත වතාවක් මතක් කර දුන් ෆීල්ඩ් මාර්ෂල් වරයා කියා සිටියේ අතීතයේ වැරදි කර ඇති පැටිකිරියක් ඇති මිනිසුන් අතට විශාල වශයෙන් මුදල් ලැබුන විට එය හොරකම් නොකරන බව සිතන කෙනෙක් වේනම් ඔහු නොම්බර එකේ මෝඩයෙක් බවයි.
871 Views
Comments