බස්නාහිරට විශේෂ පාසල් බස් රථ සේවයක්

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කරන්නේ බස්නාහිර පළාතේ ප්‍රවාහන ගැටලුවලට මුහුණ දෙන පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට හෙට (01) සිට නව පාසල් බස් රථ සේවයක් ඇරඹෙන බවයි.
තවද, මේ සඳහා බස් රථ 40ක් පමණ යොදවන බවත්, පාසල් දරුවන්ගෙන් අයකරනුයේ සාමාන්‍ය ගාස්තුව පමණක් බවත් දන්වා සිටියා.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ කොළඹ, ගම්පහ, කලුතර,හොරණ සහ මහරගම ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පාසල්වල සිසුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් ය.
මීට අමතරව සිසු සැරිය සේවාව ද ක්‍රියාත්මක අතර, ලැබෙන ප්‍රතිචාර අනුව මෙම සේවාව දීපව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
225 Views
Comments