ළිඳට පැන සියදිවි නසාගත් සිසුවියට කොවිඩ්

කරුවලගස්වැව, සියඹලෑව ප්‍රදේශයේ ඉකුත් 29 වනදා ළිඳකට පැන සියදිවි නසාගත් පාසල් සිසුවියට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි සිදුකළ පීසීආර් පරීක්ෂණයකදී සනාථ වී ඇතැයි කරුවලගස්වැව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ. එච්. එම්. ජේ. කේ. අබේරත්න මහතා සඳහන් කරයි.
මෙලෙස කොරෝනා ආසාදනය වී තිබෙන්නේ කරුවලගස්වැව ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි එච්. එම්. සෙහානි සෙව්වන්දි නමැති දැරියටයි.
එම දැරිය ඉගෙනුම ලැබූ පංතියේ සිසු සිසුවියන් කීපදෙනකු ආසාදිතයන් ලෙස වාර්තා වූ බව සෞඛ්‍ය අංශ කියයි.
තම මව විසින් ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් මිලදී ගෙනදී තිබූ ජංගම දුරකථනයෙන් කරුවලගස්වැව ප්‍රදේශයේ තරුණයෙකු සමඟ මෙම දැරිය රහසේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහිදී ඇතිවූ හේතුවෙන් සියදිවි නසාගෙන ඇති බවත් මේ වනවිට සිදුකළ පරීක්ෂණ වලදී සනාථ වී ඇති බව කරුවලගස්වැව පොලිසිය පවසයි.
දැරියගේ මව හා පියා ආශ්‍රිතයන් ලෙස නම්කර නිවෙස් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.
693 Views
Comments