බිරිඳ තම සැමියාව උල් ආයුධයකින් ඇන මරා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
18

බිරිඳ තම සැමියාව උල් ආයුධයකින් ඇන මරා දමයි

බිරිඳ තම සැමියාව උල් ආයුධයකින් ඇන මරා දමයි

මැදිරිගිරිය, පැරකුම්පුර ප්‍රදේශයේදී තම සැමියාට උල් ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව සැකපිට මැදිරිගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවක් මෙම මස 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හිඟු‍රක්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් චන්ද්‍රිකා කුමරප්පෙරුම මහත්මිය පසුගිය 16 වනදා නියෝග කළාය.

 

මෙලෙස රිමන්ඩ් භාරයට පත්වූයේ මැදිරිගිරිය, පැරකුම්පුර අංක 1/60 ලිපිනයේ පදිංචි කන්දප්පුගේ සිරියාවතී නැමැති 44 හැවිරිදි කාන්තාවකි.

 

37 හැවිරිදි ආර්. එම්. ජගත් ප්‍රසන්න යන අය 15 වන දින රාත්‍රීයේ පිහි ඇනුමකින් ලත් තුවාල හේතුවෙන් පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බවත් පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණයවී ඇති බවත් මෙම මරණය සම්බන්ධයෙන් මරණකරුගේ බිරිය වන කන්දප්පුගේ සිරියාවතී යන අය සැකපිට අඩංගුවට ගෙන අද(18) දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.

 

ඒ අනුව සැකකාරිය මේ මස 30 වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

views

1007 Views

Comments

arrow-up