දළදා මලිගා පොලීසියේ නිලධාරීන් 19 කට කොරෝනා

මහනුවර ශ්‍රී දළදා මලිගා පොලීසියේ නිලධාරීන් 19 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා
මිට පෙර ශ්‍රී දළදා මාලිගා පොලීසියේ දෙදෙනෙකුට කොවිඩ් වැළඳී තිබෙන බවට තහවුරු වීමෙන් පසු අනිකුත් පොලිස් නිලධාරින්ට (16) පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබේ .
එහිදී මෙම පොලිස් නිලධාරීන් 19 කට කොවිඩ් වැළඳී තිබෙන බව හෙළිවී තිබෙනවා
කොවිඩ් වැළදුණු පොලිස් නිලධාරින්ගේ ආශ්‍රිතයන් 231 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසනවා
දළදා මාලිගාවේ පොලිස් කාර්ය මණ්ඩලයට තාවකාලිකව වෙනත් පොලිස් ස්ථාන වලින් 185 දෙනෙකු අනුයුක්ත කර තිබෙනවා
ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා
697 Views
Comments