ගෝඨාභය හරිම උද්දච්චයි - මුරුත්තෙට්ටුවේ හිමි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

ගෝඨාභය හරිම උද්දච්චයි - මුරුත්තෙට්ටුවේ හිමි

ගෝඨාභය හරිම උද්දච්චයි - මුරුත්තෙට්ටුවේ හිමි

 

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ තත්ත්වයට පත්වෙන්න සිදුවුයේ ඔහුගේ උද්ධච්ච කමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා. 

 

“හැට නව ලක්ෂයක් ඡන්ද අරගත්තේ මේ රටට සෞභාග්‍යය උදා කරනවා කියලා. නමුත් පත්වෙලා මාස තුනක් යනකොට අපිට තේරුණා සෞභාග්‍යය නෙමෙයි සවු භාගයක්වත් මේ රටට ඔහුගෙන් ලැබෙන්නේ නැහැ කියලා. ඒක මම එදත් කිව්වා අදත් කියනව.

 

හැට නම ලක්ෂයක ඡන්ද වරමකින් ජනාධිපති වී තුනෙන් දෙකක බලයක් තිබුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති තත්වය පිළිබඳව බෙහෙවින් කණගාටු වෙනවා” යි උන්වහන්සේ කියනවා. 

 

“අද වන විට ඔහු රටින් රටට යනව. ඔහු එහෙම යන්න අවශ්‍ය නැහැ. ඔහු වරදක් කරල නැහැ. නීතියෙන් වැරදිකරුවෙක් වෙලා නැහැ. එහෙම නං ඇයි එතුමා ඒ තත්වෙට පත් වෙලා තියෙන්නෙ. ඔහු මේ රටේ පුරවැසියෙක් ඔහුට ඕන වෙලාවක මේ රටට එන්න පුළුවන්. මේ රටට ඇවිල්ලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන්” යයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කරනවා.

views

230 Views

Comments

arrow-up