NOV
11
42 වන කොවිඩ් මරණය වාර්තා වේ

මෙරට 42 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක් වු පානදුර ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි.
එම පුද්ගලයා පොලිස් රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව ලෙස කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් සිදුවු හෘදයාබාධයක් ලෙස දක්වා තිබේ.
ඒ අනුව එම මරණය මෙරට 42 වන කොවිඩ් මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.
660 Views
Comments