තවත් 227ක් සුවය ලබා පිටව යයි

තවත් කොරෝනා ආසාදිතයන් 227 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව 5, 858ක්. මේ අතර, කොරෝනා ව්‍යාප්තියත් සමග රෝගීන් සායන වෙත ගෙන්වා ගැනීම අර්බුධකාරී බැවින් හෙට සිට දිවයින පුරා ඇති රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස්වත ලබාදීම සැළසුම් කර තිබෙනවා.
ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
676 Views
Comments