ආදායම් නොමැති වීමෙන් සත්වෝද්‍යාන කටයුතුවලට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

ආදායම් නොමැති වීමෙන් සත්වෝද්‍යාන කටයුතුවලට බාධා

ආදායම් නොමැති වීමෙන් සත්වෝද්‍යාන කටයුතුවලට බාධා

ආදායම් අහිමිවීම හේතුවෙන් දෙහිවල ඇතුළු මෙරට සියලු‍ සත්වෝද්‍යාන දැඩි අර්බුධයට ලක්ව ඇති බව විෂයභාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

 

ඇමතිවරයා සඳහන් කළේ පවතින තත්වය පිළිබඳ අවධානය යොමුකරමින් කොවිඩ් -19 මාර්ගෝපදේශ යටතේ එළඹෙන සතියේ සිට සත්වෝද්‍යාන විවෘත කිරිමට අපේක්ෂාවෙන් සිටින බවයි.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේකේ ආදායම අහිමිවෙලා තියෙන්නේ. සත්තුන්ට කෑම දෙන වියදමවත් හොයා ගන්න බෑ දැන්. ඒ නිසා ලබන සඳුදාට අපි මේක විවෘත කරනවා. ඇතුළු කරන්නේ සෞඛ්‍ය විදිවිධාන අනුව. ඒ වගේම එන්නත ලබාගෙන ඇති අයව තමයි අපි ඇතුළු කර ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේක වහගෙන ඉන්නත් බෑ. අපි දන්නේ නෑ කොවිඩ් වසංගතය ඉවරවෙන්නේ කවදද කියලා. රිදීගම සෆාරි එකත් අපි විවෘත කරනවා.”

views

802 Views

Comments

arrow-up