මේ දක්වා ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් - හර්ෂත් අනුරට සුබ පතයි

මේ දක්වා නිකුත්වී ඇති මැතිවරණ ප්‍රතිඵල වලට අනුව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් පසුවෙයි.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා X පණිවුඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබේ.
සිය පණිවුඩයේ ඔහු සඳහන් කරන්නේ "අපි සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළා. නමුත් දැන් පැහැදිලියි ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වන්නේ අනුර දිසානායක බව. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සහ යහපත් සිතින් මම ඔහුට කතා කර සුබ පැතුවා." යනුවෙනි.
172 Views
Comments