ජනපති රනිල්ගේ පරිවාරක හෙලිකොප්ටරයක් කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගොඩබස්සයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
15

ජනපති රනිල්ගේ පරිවාරක හෙලිකොප්ටරයක් කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගොඩබස්සයි

ජනපති රනිල්ගේ පරිවාරක හෙලිකොප්ටරයක් කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගොඩබස්සයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටරයට පසුපසින් පැමිණෙන පරිවාරක හෙලිකොප්ටරය කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගොඩබස්සා තිබේ.

 

එප්පාවල කටියා ප්‍රදේශයේ වෙල් යායට අද සවස එම හෙලිකොප්ටරය ගොඩබස්සා තිබුණි.

 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 ( SUH 522) හෙලිකොප්ටරය මෙලෙස කාර්මික දෝශයකට ලක්ව ඇත.

 

ජීවිත හෝ දේපල හානී කිසිවක් සිදුව නොමැත.

 

කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ගුවන් හමුදාව විසින් කටයුතු කරගනු ලබන අතර එහි තිබූ බඩුබාහිරාදිය කොළඹ සිට පැමිණි වෙනත් ගුවන් යානයකට මාරුකර යවා ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් සියලු ආරක්ෂක අංශ මේ වනවිට පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී.

views

209 Views

Comments

arrow-up