දළදා මාළිගාවේ ෆ්‍රී ෂූට් එකක් කළ යුවළ පොලිසියට කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

දළදා මාළිගාවේ ෆ්‍රී ෂූට් එකක් කළ යුවළ පොලිසියට කැඳවයි

දළදා මාළිගාවේ ෆ්‍රී ෂූට් එකක් කළ යුවළ පොලිසියට කැඳවයි

විවාහ ගිවිස ගත් යුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව තුළ ෆ්‍රී ෂූට් එකක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දළදා මාළිගා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 

මෙම සිදුවීමේදී දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන ගණනාවක මෙම යුවළ ඡායාරූප වලට පෙනී සිට තිබේ.

 

ශ්‍රී දළදා මාලිගාව තුළ මේ ආකාර සිදුවීමක් වී තිබෙන බව තමන්ට ද දැන ගන්නට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමක් කළ බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

 

අදාළ යුවළ අද කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන් ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව මහනුවර පොලීසිය පවසයි.

views

245 Views

Comments

arrow-up