සියළුම ත්‍රිවිධ හමුදා නිලධාරින්/සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි/සෙසුනිලයින්ගේ නිවාඩු/කෙටි නිවාඩු අවලංගු කර ඇති අතර,දැනට නිවාඩු මතසිටින නීලධාරි/සෙසුනිලයින් කඩිනමින් තමන් සේවය කරන කදවුරු වෙත වාර්තා කල යුතුයි.
එලෙස නිවාඩු මත සිටින නිලධාරි/සෙසුනිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ වගකිවයුතු නිලධාරියෙකු දුරකථන මාර්ගයෙන් අමතා වැඩිදුර උපදෙස්ලබා ගැනීමට කටයුතු කල යුතුය.
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන් කර තිබුනේ නිලධාරීන් සහසෙසුනිලයින් සඳහා ලබා දී ඇති සියලුම නිවාඩු අවලංගු කිරීමේ තීරණය අද (අප්‍රේල් 26) දින ගනු ලැබූ බවයි.
728 Views
Comments