IMF සාර්ථක කරගන්න චීන සහය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

IMF සාර්ථක කරගන්න චීන සහය

IMF සාර්ථක කරගන්න චීන සහය

චීන තානාපති චී ෂෙංහොං මහතා අවධාරණය කර සිටින්නේ ජාත්‍යන්තරව මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාවට චීනය විසින් සහය දෙන බවයි.

 

ඒ චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොටස්කරුවකු වන බැවිනි.

 

තානාපතිවරයා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පැවති හමුවකදීය.

 

ලංකාවේ ආර්ථික අර්බුදයට දිගු කාලීන විසඳුම් ලෙස ඍජු පෞද්ගලික ආයෝජන සහ ජලසම්පාදන, කෘෂිකාර්මික, වාරි කර්මාන්ත සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රවල ආයෝජනයන් චීනයෙන් අපේක්ෂා කරන බවයි අගමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.

views

218 Views

Comments

arrow-up