APR
09
ජල පෝෂක ප්‍රදේශවලට ධාරාණිපාත වැසි

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ(08) පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති.
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය, නල්ලතන්නිය, අප්කට්, සාමිමලේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව ඇද හැලෙයි.
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම මේවන විට එම ජලාශයේ වේල්ලේ අඩි 120 සිට අඩි 48 දක්වා පහල බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
මේ අතර කාසල්රි ජල පෝෂක ප්‍රදේශ වන හැටන් , නොර්වුඩ් , බගවන්තලාව යන ප්‍රදේශවලට 08 දින පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙමින් පවති.
688 Views
Comments