යුද හමුදා සෙබළා වෙඩි තබා ගෙන සියදිවි නසාගනී

රන්ටැඹේ යුද හමුදා පුහුණු පාසලේ රාජකාරි කරමින් සිටි යුද හමුදා සෙබළෙකු වෙඩි වැදිමෙන් මියගොස් ඇතැයි තෙල්දෙණිය පොලිසිය පවසයි.
තම රාජකාරී ගිනි අවියෙන් එම සෙබළා වෙඩි තබා ගෙන ඇති බවට මෙතෙක් සිදුකළ පරික්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ ගම්පොළ ඩස්පියා වත්ත පහළ කොටසේ පදිංචි 21 හැවිරිදි යුධ හමුදා සෙබළකි.
සිදුවීම සම්බන්ධයෙන් රන්ටැඹේ යුධ හමුදා පුහුණු පාසලේ නිලධාරීන් විසින් තෙල්දෙණිය පොලීසියට දැනුම් දීමෙන් පසු පොලිස් විමර්ශන ආරම්භ වී ඇති අතර හමුදා කඳවුරේ නිලධාරීන් කිහිපදෙනකුගෙන්ම කටඋත්තර ලබාගෙන ඇති බවද පොලිසිය කියයි.
732 Views
Comments