අපයෝජන සාක්ෂි විමසීමට පළාත් 9 ට ඒකක 9 ක් ස්ථාපිත කරයි

විවිධ අපයෝජනයන්ට ලක් වූ දරුවන් උසාවිය ඉදිරියේ ප්‍රසිද්ධියේ සාක්ෂි ඉදිරිපත් කිරීමේදී පත්වන අපහසුතාව නිසා වීඩියෝ පටිගත කිරීම් ලෙස මෙම සාක්ෂි ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා නීති පද්ධතිය විධිවිධාන සලසා ඇත.
1999 අංක 2 දරන සාක්ෂි පනත මගින් සාක්ෂි වීඩියෝගත කර ඉදිරිපත් කිරීම සදහා වූ ප්‍රතිපාදන ශ්‍රී ලංකා නීති පද්ධතියට හදුන්වා දී ඇත.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක 9ක් දිවයිනේ පළාත් 9 ආවරණය වන පරිදි රෝහල් පරිශ්‍රයන්හි ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
729 Views
Comments