සෞඛ්‍ය වර්ජනය අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

සෞඛ්‍ය වර්ජනය අවසන්

සෞඛ්‍ය වර්ජනය අවසන්

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව වර්ජනයේ නිරතව සිටි වෘත්තීය සමිති පවසති.


 
වැටුප් විෂමතා ඉවත් කිරීම, නිසි උසස්වීම් ක්‍රමවේදයක් ලබාදීම ඇතුලු ඉල්ලීම් 14ක් මුල්කරගනිමින් ඊයේ සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීන් 14 ක් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.

 

ඒ හේතුවෙන් රෝහල්වල කටයුතු අඩාල වූ අතර බාහිර රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම, පි.සී.ආර්. සහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම, එම්. ආර්. ස්කෑන් සිදුකිරීම ඇතුළු සේවාවන් රැසකට බාධා එල්ලවී තිබිණි.

views

812 Views

Comments

arrow-up