බාලවයස්කාර දරුවන් තිදෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කල කාන්තාවක් අත්අඩංගුවට

විශේෂ අවශ්‍යතා සහිත බාලවයස්කාර දරුවන් තිදෙනෙක් මෙලෙස අපයෝජනයට ලක්ව ඇති අතර ඔවුන් තිදෙනා මහනුවර කැටවල රජයේ වෘත්තීය පුහුණු ආයතනයේ ළමුන් තිදෙනෙක්.
එම ආයතනයේ පුහුණුවක් බව පවසමින් අදාල කාන්තාවට අයත් මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ රසකැවිලි නිශ්පාදනය කරන ස්ථානයට එම දරුවන් යොමුකර තිබුණා.
එහිදී එම දරුවන් තිදෙනාම ලිංගික අපයෝජනයට හා හිංසනයට ලක්ව ඇති අතර ඉන් පලාගිය දෙදෙනෙකුගේ දැනුම්දීම මත එහි රැඳීසිටි දරුවාගේ දෙමාපියන් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහර කෑමට හා අපයෝජනයට ලක්වූ දරුවා වෛද්‍යය පරික්‍ෂණයකට යොමුකර ඇති අතර අදාල රසකැවිලි නිෂ්පාදන ආයතනයේ හිමිකරු පොලිසියට භාරවී තිබෙනවා.
1593 Views
Comments