සැඩපහරකට හසුව ගසාගෙන ගිය දෙදරු මවගේ ජීවිතය අනූනවයෙන් බේරිලා

කාසල්රි ජලාශයට හැටන් සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළෙහි ගසාගෙන විත් ගලක් මත රැඳී සිටි දෙදරු මවක් ඊයේ(03) බේරා ගැනීමට දික්ඔය ප්‍රදේශවාසීන් සහ හැටන් පොලිසිය සමත්විය.
හැටන්, දික්ඔය වතුයායේ පදිංචි එම දෙදරු මව ඊයේ අලුයම අවදි වී දික්ඔය වනරාජා වතුයායේ සිය පුතුගේ නිවසට යෑමට දික්ඔය ඇළ තරණය කිරීමට ගිය අවස්ථාවේ ඇළෙහි සැඩ පහරට හසුවී පහළට ගසාගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේදී පදිංචිකරුවන් සහ හැටන් පොලිසියේ නිලධාරින් වහා ක්‍රියාත්මක වී ඇයව බේරාගෙන ඇත.
බේරාගත් දෙදරු මව ඇය පදිංචි නිවසටම ගොස් නැවත භාරදීමට හැටන් පොලිසියේ නිලධාරින් විසින් පියවර ගෙන තිබිණ.
625 Views
Comments