භූමිතෙල් හිඟය නිසා බෝට්ටුවෙන් මුහුදු නොගොස් ඔරුවෙන් ගිය ධීවරයා ඔරුව පෙරලී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

භූමිතෙල් හිඟය නිසා බෝට්ටුවෙන් මුහුදු නොගොස් ඔරුවෙන් ගිය ධීවරයා ඔරුව පෙරලී මරුට

භූමිතෙල් හිඟය නිසා බෝට්ටුවෙන් මුහුදු නොගොස් ඔරුවෙන් ගිය ධීවරයා ඔරුව පෙරලී මරුට

භූමිතෙල් හිඟය හේතුවෙන් බෝට්ටුවකින් රැකියාවකට යා යුතු ධීවරයන් තිදෙනෙක්, ඔරුවකින් මසුන් ඇල්ලීමට ගොස් එහිදී ඔරුව පෙරළී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත. එහිදී අනෙක් පුද්ගලයා දිවි ගළවාගෙන ඇත.

 

ඊයේ (27) උදෑසන කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ පාලමුනේ මුහුදේ මසුන් ඇල්ලීමට බෝට්ටුවේ භුමිතෙල් නොමැති නිසා සාමාන්‍ය ඔරුවකින් ගිය විට සුළි සුළං හේතුවෙන් ඔරුව මහ මුහුදේ ගිලී මෙම අනතුර සිදුවූ බව ධීවරයෝ පවසති.

 

ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේ අයෙකි. ඔහු 52 හැවිරිදි දෙදරු පියෙක් බව ප්‍රදේශවාසීහු පවසති.

 

කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

609 Views

Comments

arrow-up