බිලියන 2ක බඩුත් අරන් තමිල්නාඩු නැව අද ලංකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

බිලියන 2ක බඩුත් අරන් තමිල්නාඩු නැව අද ලංකාවට

බිලියන 2ක බඩුත් අරන් තමිල්නාඩු නැව අද ලංකාවට

ඉන්දියානු ජනතාව විසින් ලබා දෙනු ලබන රුපියල් බිලියන 2කට අධික මානුෂීය ආධාර මෙරටට ළඟා වීමට නියමිත බව ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය පවසනවා.

 

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ එම ආධාර තොගයේ සහල් මෙට්‍රික් ටොන් 9000ක් කිරිපිටි මෙට්‍රික්ටොන් 50ක් සහ මෙට්‍රික්ටොන් 25කට අධික ඖෂධ හා වෛද්‍ය සැපයුම් අඩංගු බවයි.

 

ඒ අනුව එම ආධාර තොගය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා විසින් මෙරට බලධාරීන් වෙත ලබාදීමට නියමිතයි.

 

මැයි 18 වනදා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාලින් විසින් මෙම ආධාර තොගය චෙන්නායි වරායෙන් මෙරටට පිටත් කර එවන ලද බව ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 

තමිල්නාඩු රජය විසින් සහල් මෙට්‍රික් ටොන් 40,000ක් කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් සහ ඖෂධ සැපයීම යටතේ පැමිණෙන පළමු තොගය මෙය වන අතර එහි මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 5.5කට වඩා වැඩි බව අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා.

 

මෙම මානුෂීය ආධාර තොගය මෙරට උතුරු නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර පළාත ඇතුළුව රට පුරා සිටින ප්‍රතිලාභීන් අතර බෙදා හැරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

views

531 Views

Comments

arrow-up