APR
09
රුසියන් ප්‍රහාරයෙන් යුක්රේනයේ 35 ක් මරුට

යුක්රේනයේ ක්‍රමාටොර්ස්ක් නගරයට රුසියන් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් යුක්රේන සිවිල් වැසියන් 35 දෙනකු මියගිය බවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් බටහිර මාධ්‍ය වාර්තා කළේය.
මියගියේත් තුවාල ලැබුවේත් ක්‍රමාටොර්ස්ක් නගරයේ උමං දුම්රිය ස්ථානයක් තුළ රුසියන් ප්‍රහාරවලින් බේරී ආරක්ෂිතව සිටි යුක්රේන සිවිල් වැසියන් යැයි පැවැසෙයි.
ක්‍රමාටොර්ස්ක් යනු නැගෙනහිර යුක්රේනයට අයත් නගරයක් වන අතර, නැගෙනහිර යුක්රේනයේ නගර බොහොමයක් මේ වනවිට රුසියන් හමුදා විසින් අත්පත් කරගනු ලැබ ඇත.
670 Views
Comments