සහ්රාන්ගේ දියණිය සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

සහ්රාන්ගේ දියණිය සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

සහ්රාන්ගේ දියණිය සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහ්රාන් නැමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 4ක් වන දියණිය සීයාට හා ආච්චිට භාරදීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (02) නියම කළා.

 

මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ඇති සහ්රාන් නැමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 4ක් වන දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ඉහතදී අධිකරණයට කරුණු වාර්තා කළා.

 

 ඒ අනුව සහ්රාන්ගේ බිරිඳගේ දෙමාපියන්ගේ භාරයට දරුවන් පත්කළ අධිකරණය අධිකරණයේ අවසරයකින් තොරව දරුවාගේ භාරකාරත්වය වෙනත් පාර්ශ්වයකට පැවැරිමට නොහැකි බවද නියම කර තිබෙනවා.

 

සිව් හැවිරිදි එම දැරිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයකින් පසුවන ලෙස කුලියාපිටිය පරිවාස නිලධාරීවරයාට ද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසිනුයි මෙම නියෝග කර ඇත්තේ.

 

views

574 Views

Comments

arrow-up