කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දීමක්

කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට සති දෙකක කාලයක් සිය නිල නිවාසවල රැඳි සිටින ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
ඒ අනුව වැලිකඩ, කොළඹ රීමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිලධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටතට යාමට අවස්ථාව හිමි නොවන බව වාර්තා වේ.
මේ අතර බන්ධනාගාර ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 159 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇත.
කෙසේවෙතත් මින් ඉදිරියට වාර්තා වන කොරෝනා ආසාදිත රැඳවියන් කන්දකාඩු හෝ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන තිබේ.
ඊයේ (12) බෝගම්බර පැරණි බන්ධානාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරත වූ රැඳවියන් වෙනත් බන්ධනාගාර දෙකකට මරුකර යැවීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තේ.
මේ අතර බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
මේ අතර බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස ඊයේ (12) පස්වරුවේ හඳුනාගැනුණා.
605 Views
Comments