බිරිඳගේ සිරුරට ගිනි තබා ඝාතනය කළ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
17

බිරිඳගේ සිරුරට ගිනි තබා ඝාතනය කළ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට

බිරිඳගේ සිරුරට ගිනි තබා ඝාතනය කළ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට

තම විවාහක බිරිඳගේ සිරුරට භූමිතෙල් දමා ඇයව ගිනි ගිනිතබා ඝාතනය කළ ස්වාමි පුරුෂයෙකු  පසුගිය 14වනදා පුවරසන්කුලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙලෙස ඝාතනය වී ඇත්තේ එම පොලිස් වසමටම අයත්  කට්ටපහපුරම් 4 වැනි පටුමගේ පදිංචිව සිටි R. අනීතා නැමති වයස අවුරුදු 43 ක් වන කාන්තාවකි.

 

බිරිඳගෙ අනියම් සම්බන්ධතාවක් පිළිබඳව ඇතිවූ මත ගැටුමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

 

එම ගැටුම අතරවාරයේදී සැමියා විසින් බිරිඳව තල්ලු කර ඇති අතර එහිදී ඇය බිම ඇද වැටී තිබෙනවා. පසුව සැකකරු විසින් ඇගේ සිරුරට භූමිතෙල් දමා එයට ගිනි අවුලුවා තිබෙනවා.

 

බරපතළ පිලිස්සුම් තුවාල ලැබූ බිරිඳ ජීවිතක්ෂයට පත්වූ අතර පලා ගොස් සැඟව සිටි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views

931 Views

Comments

arrow-up