කිරිපිටි ආනයනකරුවන්ගෙන් රතු එළියක්,කිරි පිටි ප්‍රති අපනයනය කරන ලකුණු !
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

කිරිපිටි ආනයනකරුවන්ගෙන් රතු එළියක්,කිරි පිටි ප්‍රති අපනයනය කරන ලකුණු !

කිරිපිටි ආනයනකරුවන්ගෙන් රතු එළියක්,කිරි පිටි ප්‍රති අපනයනය කරන ලකුණු !

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රති අපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසයි.

 

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස්කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් වෙත පසුගියදා නිදහස් කළේය.

 

ආනයනකරුවන් හා වරාය අමාත්‍යවරයා අතර 29 වනදා පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ද අනාවරණය වුයේ පෞද්ගලික බැංකු මගින් ඩොලර් නිකුත්වීම ප්‍රමාදවන බවය.

 

අද දක්වාම එම ගැටලුවට විසඳුමක් නොලැබුණු බැවින් කොළඹ වරායේ රඳවා ඇති කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රතිඅපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසයි.

views

698 Views

Comments

arrow-up