සිනොවැක්ස් එන්නත ගැන සුභ පණිවිඩයක්

මෙම සිනොවැක්ස් එන්නතේ ආරක්ෂාකාරී බව සහ ශක්තිමත් ප්‍රතිශක්තීකරණයට ප්‍රතිචාර දක්වන ආකාරය පිලිබද පරීක්ෂණයකදී සිනොවැක්ස් එන්නත සියයට අසූවකට වැඩිය ඵලදායීතාවක් පෙන්නුම්කර ඇත.
චීන ඖෂධ නිෂ්පාදන සමාගමක් වන සීනෝවාක්ස් විසින් නිපදවන මෙම කොරෝනාවැක් එන්නතේ මාතා දෙකම ලබා ගැනීමෙන් එන්නතේ ඵලදායීතාව 83.5%ක ආරක්ෂාවක් ලබාදෙන බව ඉහල වෛද්‍ය සඟරාවක් වන ද ලැන්සේට් හි ප්‍රකාශ කර ඇත.මෙම දත්ත ප්‍රකාශ කර ඇත්තේ වයස අවුරුදු 18-59 අතර 10,000කට අධික පිරිසක් යොදා තුන්වන අධියරේ අත්හදා බැලීමකින් අනතුරුව ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජුනි 1 වන දින හදිසි භාවිතය සඳහා මෙම එන්නත අනුමත කරන ලද අතර එයින් අදහස් වන්නේ මෙම සිනොවැක්ස් එන්නත ආරක්ෂාව , කාර්යක්ෂමතාව සහ නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බවයි.
674 Views
Comments