ETI හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

ETI හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප

ETI හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප

රක්ෂිත බන්ධනාගරව සිටි ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ ඇප මත මුදා හැර තිබෙනවා.

 

ඒ එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් හමුවේ අද (15) කැඳවූ අවස්ථාවේදීයි.

 

මෙහිදී එක් අයෙකු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

 

එසේම, සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළ අතර, සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද ඔවුන්ට දැනුම්දී තිබෙනවා.

 

 

views

648 Views

Comments

arrow-up