ජීවන බර උහුලන්න බැරිව පාරට බැස්ස කාන්තාවෝ

“ජීවන බර ඇමති බර දරන්න බැහැ, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල බඩු මිල වහා අඩුකරනු” ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ(15) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විය.
එහිදී ඔවුන් කියා සිටියේ කිරි, බිත්තර, මස්, මාළු මිල ඉතා අධික බවත් දරුවන්ට නිසි කෑම වේලක් ලබා දීමට නොහැකිවීමෙන් ඇතමුන් මන්දපෝෂණ තත්ත්වයට පත්ව ඇති බවයි.
පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් සපත්තු යනාදී ඉතා මිල අධික බවත් රටට බරක්ව පවතින ඇමති වරප්‍රසාද වහා අහෝසි කරන ලෙසත් ඔවුන් රජයට බලකර සිටී.
220 Views
Comments