ළමයි බලාගන්න එක දෙමාපියන්ගේ වගකීම - මෛත්‍රීපාල සිරිසේන
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

ළමයි බලාගන්න එක දෙමාපියන්ගේ වගකීම - මෛත්‍රීපාල සිරිසේන

ළමයි බලාගන්න එක දෙමාපියන්ගේ වගකීම - මෛත්‍රීපාල සිරිසේන

කොපමණ දරුවන් සිටියත් ඔවුන් රැකබලා ගැනීම දෙමව්පියන්ගේ වගකීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

 

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කෙනෙහෙලිකම් සිදුවන්නේ දැයි මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,

 

"ඒවා ඉතින් දන්නේ නැද්ද සමහර වෙලාවට ගෙවල්වල අම්මායි, තාත්තායි දරුවෝ හත් අට දෙනයි ඉන්නකොට එක එක ළමයින්ට එක එක විදියට වෙනස්කම් වෙනවා."

 

"එතකොට සමහර කොල්ලෝ පැනලා යනවා. ගෙදර ඉන්න කෙල්ල සමහරවිට වෙන මිනිහෙක් එක්ක යනවා."

 

"ඒ ඔක්කොම එකට තියාගැනීම අම්මාගෙයි තාත්තාගෙයි යුතුකමක් තමයි ඉතින්. ඒ විදිහට ඉතින් මේවා කෙරෙන්න ඕන."

views

673 Views

Comments

arrow-up