ඇමැතිවරුන්ට, නිලධාරීන්ට විදේශ සංචාර තහනමක්

අයවැය ඉදිරිපත් කෙරෙන ලබන මස 12 වැනිදා සහ අයවැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් මස 10 වැනිදා අතර කාලයේ විදේශයන්හි කිසිදු නිල හෝ පෞද්ගලික හෝ සංචාරයක නිරත නොවන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සියලුම ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත.
ජනාධිපති ලේකම්වරයා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ සියලු පාර්ශ්ව හැකි උපරිමයෙන් දායක කරගෙන අයවැය කටයුතු සාර්ථක කර ගැනීමට ඇති අවශ්‍යතාව නිසා යැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
715 Views
Comments