සෞඛ්‍යය පද්ධතියට තවත් අවදානමක්

කොවිඩ් අවදානම සමගම ඩෙංගු රෝග ව්‍යාප්තියත් වැඩි වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බරපතළ අවදානමකට ගොදුරු වීමට ඉඩ ඇති බව වෛද්‍යවරුන් පවසන අතර ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදුව තබාගන්නා ලෙසයි.
ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා මේ වනවිටත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන අතර ජනතාවගේ වගකීම් විරහිත බව හා නොදැනුවත්කම නිසා රෝගය ශීඝ්‍රයෙන් පැතිර යා හැකි බව ඔවුන් පවසයි.
ඩෙංගු රෝගය හදුනා ගැනීමේ පරීක්ෂණවල මිල අඩු කිරීම, රෝගීන් සුවකර නෙවෙස් වෙත යැවීම ඇතුළු ක්‍රමවේදයන් රැසක් මේ වනවිටත් ක්‍රියාත්මක වන අතර වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිවෙස්වල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙසයි.
836 Views
Comments