ශ්‍රී ලංකාව ජනවාරියේදී බංකොලොත් අවධානමක..?
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

ශ්‍රී ලංකාව ජනවාරියේදී බංකොලොත් අවධානමක..?

ශ්‍රී ලංකාව ජනවාරියේදී බංකොලොත් අවධානමක..?

එළඹෙන 2022 වසරේ ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වනු ඇති බව වාර්තා වෙයි.

 

එම කාලයේදී කල් පිරෙන ජාත්‍යන්ර බැඳුම්කර ඇතුළු ණය වාරික සදහා ඩොලර් බිලියන එක හමාරක මුදලක් ගෙවීමට නියමිතව තිබීම ඊට හේතුවයි.

 

මේ වන තෙක් එම මුදල ගෙවා ගත හැකි සැලැස්මක් ඉදිරිපත් වී නැති තත්ත්වයක් උදාවී ඇතැයිද ආණ්ඩුවේ අභ්‍යන්තර මාර්ග වලින් වාර්තා වෙයි.

 

යම් හෙයකින් එම මුදල් අදාළ කාල සීමාවේ ගෙවීමට නොහැකි වුවොත් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් වීමේ අවදානම මතු වෙමින් ඇත.

 

දැනටමත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වලින් ශ්‍රී ලංකාව බංකොලොත් සීමාවට ආසන්න සීමාවට නම් කර තිබේ.

 

ඇමති බන්දුල ගුණවර්ධන මහතාද මෑතකදී කියා සිටියේ ශ‍්‍රි ලංකාව ගමන් කරමින් සිටින්නේ බංකොලොත් වීමේ අවදානමක් දෙසට බවයි.

views

654 Views

Comments

arrow-up