මූඩීස් දත්ත වැරදියි,අපි හරි - කබ්රාල්

මෙරට දියුණුවන ආර්ථිකය පිළිබඳව සහ ආයෝජක හැඟීම් හඳුනා ගැනීමට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නැවත වරක් අසමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගත් තීරණාත්මක උත්සාහයන් ඔවුන් අතාර්කිකව නොසලකා හැර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ, ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නිකුත් කළ වාර්තා පිළිබදව සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින්.
922 Views
Comments