එන්නත් මාත්‍රා දෙවර්ගයකින් දුන්නොත් අතුරු ආබාධ වැඩියි - OXFORD

කොවිඩ් එන්නතෙහි මාත්‍රා 2 වර්ග දෙකකින් ලබාදුනහොත් ඇතිවෙන අතුරු ආබාධ වැඩි බව බ්‍රිතාන්‍යයේ oxford සරසවිය විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
ඉන්දියාව විසින් කොවිඩ් එන්නත් අපනයනය කිරීම නැවැත්වීමත් සමග දකුණු ආසියාතික රටවල් බොහෝමයක් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම පිළිබඳව අර්බුදයකට මුහුණ දී ඇත. මේ සමගම එන්නතේ දෙවන මාත්‍රාව වෙනත් එන්නතකින් ලබාදිය හැකිද යන්න පිළිබඳව රටවල් රැසක අවධානය යොමු වී ඇත.
මෙවන් පසුබිමක බ්‍රිතාන්‍යයේ Oxford සරසවිය විසින් මිශ්‍ර එන්නත් ලබාදීම පිළිබඳව පරීක්ෂණයකින් මෙලෙස එන්නත් මිශ්‍ර කිරීමේදී අතුරු ආබාධ වැඩි වීමේ ප්‍රවණතාවක් ඇති බව අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව උණ, හිසේ කැක්කුම, තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ දීර්ඝ කාලයක් පැවතිය හැකි බව මෙම නව අධ්‍යන වාර්තාව මගින් පෙන්වා දේ. නමුත් මාරාන්තික මට මෙහෙ අතුරු ආබාධ ඇතිවන බව මේ වෙන තෙක් අනාවරණය වී නැත.
1021 Views
Comments